මිරිහාන පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා වෙඩි තබාගනී


(ඉන්දිකා රාමනායක)

මිරිහාන පොලිසියේ පරිසර කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා  සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගොස් ඇතැයි  පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ  චතුර  ගිහාන්  කාරියවසම් ( 36) නැමැති කැලණිය වෙරළුගහවත්තේ පදිංචි එක්දරු පියෙකු වන  පොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු පොලිස් සේවයට එක්ව ඇත්තේ 2006 වසරේදීය. 

වෙඩි තබා ගැනීමෙන් අනතුරුව  කළුබෝවිල රෝහලට ඇතුළු කළද ඔහු මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.

ඔහු සිය රාජකාරී ස්ථානයේදී පරිසර කොට්ඨාසය තුළ සිය රාජකාරී ගිනිඅවියෙන් වෙඩි තබාගෙන ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු හෙළිව ඇතැයි පොලිසිය සඳහන් කරයි.

(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)