
(ඉන්දිකා රාමනායක)
මිනුවන්ගොඩ සහ දිවුලපිටිය පොලිස් බල ප්‍රදේශවල වෙසෙන සියලුම ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට නැවත දැනුම් දෙන තුරු සිය කඳවුරු වලට වාර්තා නොකරන්නැයි දැනුම් දුන් බව හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
මෙම ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරුවල රාජකාරි කරන සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන් ද කඳවුරුවලින් වලින් පිටත රාජකාරි වලට නොයා කඳවුරු තුළ තුළම රඳවා තබා තබාගන්නා ලෙසට උපදෙස් ලබා දුන් බව හමුදාපතිවරයා කියා සිටියේය.
එම ප්‍රදේශවල සිට නිවාඩුව අවසන් කර කඳවුරුවලට පැමිණි සියලු දෙනාම පී සී ආර් පරීක්ෂණය සඳහා යොමු කරන බව ද හමුදාපතිවරයා සඳහන් කළේය .
දිවුලපිටිය ප්‍රදේශයේ කාන්තාවකට කෝවිඩ් ආසාදිත වීමත් සමඟම මේ පියවර ගත් බවද හමුදාපතිවරයා වැඩිදුරටත් කිය.

