(චමිල් රූපසිංහ)
මිනිස් පරිභෝජනයට නුසුදුසු කුකුල් මස් කිලෝ 29 ක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන අද (14) ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇත.
අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලක්ෂ දෙකක ශරීර ඇප මත නිදහස් කර නැවත ජූනි මස 12 වෙනි දින අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස ගලගෙදර අතිරේක මහේස්ත්‍රාත් ඉන්දික මුතුගල මහතා විසින් නියෝග කළේය.
නරක් වූ මස් අලෙවි කරන බවට ලැබුණු පැමිනිල්ලක් මත සැකකරුවන් ගලගෙදර මඩිග ප්‍රදේශයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගැනිම සිදුකර ඇත.
කුකුල් මස් ත්‍රීවිල් රථය තුළ නියමිත උෂ්ණත්වයක් යටතේ ගබඩා කර නොතිබුණු බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසූහ.
මෙම මස් අලවි කිරීම සඳහා පොලිසිය විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක්ද තිබූ බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු පැවැසූහ.



