(යොහාන් භාසුර)
රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරී සැලැස්ම තුල මිනිස් ජාවාරම සහ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඒකාබද්ධ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහතා මහතා අද (5) පැවසීය.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ "මිනිස් ජාවාරම් වැලෙක්වීම" සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න මහත එසේ පැවසීය.
මෙම වැඩසටහන බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පැවැත්විණි.
එම අවස්ථාවට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යාංශය,, කම්කරු දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අල්ලස් සහ දූෂණ විමර්ශන කොමිෂන් සභාව, සමාජ සේවා දෙපාර්තමේන්තුව, කම්කරු අමාත්‍යාංශය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ ආයතනය, ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජිතයන් ඇතුලු ක්ෂේත්‍රයේ නියැලි ජාත්‍යන්තර සහ දේශීය රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් රැසක් සහභාගි වූහ.