(යොහාන් භාසුර)
රජයේ මිනින්දෝරුවෝ ඉඩම් අමාත්‍යවරයාට විරෝධය දක්වමින් ලෙස නිවාඩු දැමීමේ එක්දින වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ වර්තමානයේ පවතින භෞතික සහ මානව සම්පත් ගැටලුවට සහ මිනින්දෝරුවන්ගේ ගැටලුවලට විසඳුම් දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිය ද ඒවා ඉටු නොවීමට සහ මැනුම් කටයුතු පෞද්ගලික අංශයට දීමට කරන උත්සහයට විරෝධය දක්වමින් මෙම විරෝධතාව දක්වන බව රජයේ මිනින්දෝරු සංගමයේ උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමර්ගය පිළිබඳව පසුගිය සතියේ අමාත්‍යවරයට සහ අමාත්‍යාංශ ලේකම්වට දැනුම් දුන්න ද ඔවුන් ප්‍රතිචාරයක් නොදැක්වූ බව ද එම උසස් නිලධාරියා වැඩි දුරටත් කීය.

