චාපා මධුභාෂිණී
පැවති අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය ආසන්නයේ රිලා වංගුව ප්‍රදේශයේ මීටර 25 පමණ කොටසක් ගිලා බැස තිබේ.
මෙම රිලා වංගුව ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමත් සමඟ මාර්ගයේ එක් මංතීරුවක පමණක් ධාවන කටයුතු සිදුවන අතර ඒ හේතුවෙන් මාර්ග ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.
මාර්ගයේ ගිලා බැසීමට ලක්වූ කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධරයෝ අද (23) උදෑසන එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියහ.




