(නුවන්කුමාර)
තම මිතුරියගේ ඒ ටී එම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගත් ඇගළුම් සේවිකාවක් සැකපිට අද ( 20 ) දහවල් අත්අඩංගුවට ගත් බව තඹුත්තේගම පොලීසිය කියයි.
තඹුත්තේගම ඇගළුම් කම්හලක සේවය සදහා පැමිණි තරුණියන් දෙදෙනෙකු ඉතාකෙටි කලකින් මිතුරියන් භවට පත්වි ඇති බවත් ඔවුන් දෙදෙනා ඔවුනොවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා හුවමාරු කර ඇති බවත් පොලීසිය සදහන් කළේය.
මිතුරිය ආහාර ගැනීම සදහා පිටතට ගිය අවශ්ථාවේදී ඇයගේ අත් බෑගයේ තිබු ඒටිඑම් කාඩ්පත සොරකම් කර මුදල් ලබාගෙන තඹුත්තේගම පිහිටි රණ්භාණ්ඩ අළෙවි සැළකින් රන් මුදු දෙකක් සාදා ගැනීම සදහා රුපියල් 36000ක අත්කාරමක් ද ගෙවා ඇති බව පොලීසිය මෙතෙක් කළ පරික්ෂණවලින් අනාවරණය කරගෙන ඇති බව පොලීසිය පැවසීය.
තම පොලීසියට පැමිණිල්ල ලැබි පැය භාගයක කාලයක් ඇතුළත අදාල ආයතනවල සීසිටිවි කැමරා පරික්ෂාකොට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවු බව පොලීසිය සදහන් කළේය.
සැකකාරිය අද (20 ) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. තඹුත්තේගම වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජේ.රත්නමළල මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථනාධිපති පො.ප.විමලසේන මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වයි.