මිතුරා වෙනුවෙන් අල්ලස් දෙන්න ගිහින් දෙදෙනාම අමරුවේ


(ගයාන් සූරිය ආරච්චි)

රන් පැහැති කුඩා මරන්චි ඇට කිලෝවක් සමග පුද්ගලයකු මාවතගම ප්‍රදේශයේදී  අත්අඩංගුවට ගැනීමට යාමේදී රුපියල් 150,000 ක් මුදලක් පොලීසියට අල්ලස් වශයෙන් ලබාදීමට සැලසුන පුද්ගලයකු ඇතුළු දෙකක් අත්අඩංගුවට ගත් බව මාවතගම පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 51 හැවිරිදි උඩුදුම්බර සහ 45 හැවිරිදි කටුගස්තොට ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

යුක්තිය මෙහෙයුම යටතේ මාවතගම ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැක කටයුතු ලෙස නවතා තිබූ ත්‍රිරෝද රථයක් පරීක්ෂා කිරීමේදී කරවිල ඇටයක් ප්‍රමාණයේ රන් පැහැති මරන්චි ඇට තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී එම පුද්ගලයා බේරා ගැනීම සඳහා පොලිසියට අල්ලස් වශයෙන් රුපියල් 150,000ක මුදලක් ලබාදීමට සැලසුන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.