(අංජුල මහික වීරරත්න)
මැල්සිරිපුර ගොවිපළට අයත් අක්කර පහක ඉඩම් කොටසක් ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ගොවිපළෙන් අක්කර පහක භූමි ප්‍රමාණයක් පොදු ක්‍රීඩාංගනයක් ඉදිකිරීම සඳහා ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව වෙත පවරන ලෙසට ඉල්ලීමක් ලැබී තිබූ බව රජය පවසයි.
ඒ අනුව එම ගොවිපළේ මැදමුල්ල බෙදුමෙන් අක්කර පහක ප්‍රමාණයක් වෙන්කර දීමට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ එකඟතාවය ලැබී ඇත.
එම ඉඩම ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාවට පවරාදීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

