විනීතා එම් ගමගේ
කොවිඞ් 19 වයිරසයේ ව්‍යාප්තිය නිසා පීඩාවට පත් ජනතාවට රජයෙන් ගෙවූ රුපියල් 5000 සහනාධාරය මැයි මාසය සදහා ද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.
එම දීමනාව ගෙවීම අද (04) සිට ආරම්භ කළ බවත් වෙසක් පොහොය යෙදෙන 07වැනිදාට පෙර ගෙවා නිම කරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනයක සදහන් වේ.
මෙම දීමනාව මාර්තු මාසය සදහා ගෙවනු ලැබු අතර ඒ සදහා වන නාමලේඛනයේ ස`දහන් නම් වලට මෙන්ම පොරොත්තු ලේඛනවල නම් සදහන් අයටද දීමනාව හිමි වන බව ද එම නිවේදනයේ සදහන් වේ.

