(රොමේෂ් මධුෂංක)
මැදවච්චිය පොලිස් වසමේ තලගහවැව රක්ෂිතයේ නෙලුවැව ප්‍රදේශයෙ කැලෑවක නීතිවිරෝධීව කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් කැලෑව එලිපෙහෙලි කරමින් සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් නෙලුවැව ප්‍රදේශයේ කැලෑවක කැටපිලර් යන්ත්‍රයක් යොදාගනිමින් රක්ෂිතයේ අක්කර 05 කට අධික ප්‍රමාණයක් එලිපෙහෙලි කරමින් සිටියදී මෙම වැටලීම සිදු කරන ලදි.
එහිදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන් විසින් අදාල සැකකරුවන් දෙදෙනෙකු සමගින් කැටපිලර් යන්ත්‍රයද අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සාලියවැව සහ මැදවච්චිය ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වන අතර ඔවුන් සහ සහ කැටපිලර් යන්ත්‍රය මැදවච්චිය අඩවිවන නිලධාරී කාර්යාලයට වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා භාර දීමට වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් පියවර ගන්නා ලදි.