(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේදී අද(30) පැවැති විශේෂ රැස්වීමට ඈත දුරබැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරුන් බහුතරයක් සහභාගී නොවීම විශේෂත්වයකි.
ඈත දුර බැහැර මන්ත්‍රීවරුන් අධික ඉන්ධන වියදමක් දරාගෙන එක් දිනකට කොළඹට පැමිණීමෙන් ලොකු පාඩුවක් සිදුවන හෙයින් එම මන්ත්‍රීවරුන් මෙසේ නොපැමිණි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
සභාවේ ඝණ පූර්ණය පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් මන්ත්‍රී සංඛ්‍යාවක් බස්නාහිර සහ ඒ අවට පළාත්වලින් සහභාගි කරවා ගැනිණ.
සතියේ දින හතරක් පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන අවස්ථාවන්හිදී ඒ දින හතරම කොළඹ රැඳී සිටින හෙයින් එම පාඩුව යම් තරමකට තුලනය කරගත හැකිවන බව මන්ත්‍රිවරැ කිහිප දෙනෙක් පැවැසූහ.
යාපනය වැනි අෑත දුර බැහැර ප්‍රදේශයක මන්ත්‍රීවරයකුට වාහනයකින් කොළඹට පැමිණ නැවත යෑමට ඉන්ධන වෙනුවෙන් රැපියල් පනස් දහසකට අාසන්න වියදමක් දැරීමට සිදුවන බව පැවසේ
පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීම අද (30) පැවැත්වුණේ ඉදිරි අයවැය ලේඛනයට අදාල අවශ්‍යතාවක් ඉටු කිරීම වෙනුවෙනි. පාර්ලිමේන්තුව පෙරවරු 9.30ට ආරම්භවී පස්වරු 4.30 දක්වා පැවැත්විණි.