(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පසුගිය අප්‍රේල් මස 21 වැනි දා සිදුවූ ගුටි බැට හුවමාරු ඇතුළු නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව එම කමිටුවේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා විසින් කතානායක මහින්ද යාපා අභයවර්ධන මහතාට එම කාර්යාලයේදී අද (6) පෙරවරුවේ බාරදෙනු ලැබීය.
මේ සිද්ධීන් පිළිබඳව සොයා බලා ගත යුතු පියවර නිර්දේශ කිරීම සඳහා මෙම කමිටුව පත්කරනු ලැබුවේ කතානායකවරයා විසිනි.
ඒ පසුගිය අප්‍රේල් මස 23 වැනිදාය.
මේ සිද්ධීන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සලකා බැලූ කමිටුව ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම සඳහා ගත හැකි කෙටිකාලීන සහ දිගුකාලීන පියවර මෙම වාර්තාවෙන් යෝජනා කළ බව කමිටුවේ සභාපති ,නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය .
වාර්තාව භාරදීමේ අවස්ථාවට එම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළ අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යන මහත්වරුද කමිටුවේ ලේකම් වශයෙන් කටයුතු කළ පාර්ලිමේන්තුවේ සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක මහතාද සහභාගි වූහ.
කෙහෙළිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයන්ත, ඉමිතියාස් බාකිර් මාකර්, රංජිත් මද්දුමබණ්ඩාර සහ එම්.ඒ සුමන්දිරන් යන මහත්වරුද මෙම කමිටුවේ සාමාජිකයන් ලෙස කටයුතු කළහ.

