
(ජයන්ත සමරකෝන්)
එළඹෙන මහ මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා හෙට(29) සිට ගෙන්ගෙට බෙදීම නවත්වන බව, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) රාජිත රණසිංහ මහතා ලංකාදීපයට පැවසීය.
තැපැල් දෙපාර්තමේන්තුවට ලැබුණු නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,300,000ක් මේ වනවිට බෙදා අවසන් බවද එහි ප්‍රතිශතය 96%ක් බවද ඒ මහතා කීය.
මැතිවරණ කොමිසමෙන් තැපැල් දෙපාර්තමේන්තුවට බාර දී ඇති නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සංඛ්‍යාව 16,900,000කි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 1.5%ක් පමණ ඉතිරි විය හැකි බවද, ඒවා තම ප්‍රදේශවල පිහිටි තැපැල් කාර්යාල මගින් ලබන මාසයේ 05වැනිදා දක්වා ලබාගත හැකිබවද හෙතෙම සඳහන් කළේය.
ඡන්ද දායකයින් වෙත අපේක්ෂකයන් විසින් පෞද්ගලිකව යැවෙන මැතිවරණ පත්‍රිකා බෙදාදීම මේ මාසයේ 30 වැනිදායින් පසු නතරකරන බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

