(ගයාන් සූරිය ආරච්චි)
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන හෙට (6) දින ඡන්ද මධ්‍යස්ථානවල සහ ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිසියේ හැට පන්දහසක් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසීය.
පොලිසියේ සක්‍රීයව රාජකාවේ යෙදී සිටින නිලධාරීන්ගෙන් සියයට අසූ පහකටත් අධික සංඛ්‍යාවක් මෙම මැතිවරණ රාජකාරිය සඳහා යොදවා ඇති බවද මනතුංග මහතා කීය.
ඔහු ඒ බව පැවසුවේ බත්තර මුල්ල පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ පැවති මාධ්‍ය හමුවකදීය.