මැතිවරණ නීති ක්‍රියාත්මක කරන්න කොමිසමට බලය පැවරේ


(රංජන් කස්තුරි)

මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අනිද්දා (15) සිට මැතිවරණ කොමිසමට බලය පැවරේ.

ඒ අනුව ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමට, ඡන්ද විමසීම පැවැත්වීමට සහ මැතිවරණ නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට බලය පැවරේ.