(අජන්ත කුමාර අගලකඩ)
සිය ගේදොර ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා අන්තර් පාර්ලිමේන්තු සංගමයට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පිරිසක් තීරණය කර ඇත.
මැති ඇමතිවරුන්ගේ නිවාසවලට වූ හානිය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු වේ යැයි අපේක්ෂා කළ නොහැකි බැවින්, ඒ සම්බන්ධයෙන් අන්තර් පාර්ලිමේන්තු සංගමය ට හා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට තීරණය කර ඇතැයි හිටපු වරාය හා නාවික ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඉරිදා ලංකාදීපයට පැවසීය .
ඉකුත් මැයි මස නව වැනි දා ඇතිවූ සිද්ධියෙන් පසුව කඩාකප්පල්කාරීන් විසින් මැති ඇමැතිවරුන් අසූවකගේ පමණ නිවාස ගිනිතබා විනාශ විනාශකර ඇතැයි ද,ඒ සම්බන්ධයෙන් සාධාරණයක් තවමත් ඉටුවී නැතැයි ද ඔහු සඳහන් කළේය.
තමන් ඇතුළු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් මෙරට පිහිටි තානාපති කාර්යාල ද දැනුවත් කළ බව ඔහු සඳහන් කළේය
නිවාසවලට සිදුවු හානිය සම්බන්ධයෙන් කරන පරීක්ෂණ සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව ද ඔහු කීවේය.