(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අරගලයේ පැවති ඉකුත් මැයි නව වැනි දා ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් කොට්ඨාස වල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ඇතුලු දේපලවලට අරගලකරුවන් පහරදීමෙන් සිදුවූ අලාභය රුපියල් හැත්තෑ හත් කෝටි හැටපන් ලක්ෂ හටහත් දහසක් බව තක්සේරු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රේමනාත් සී දොලවත්ත ,ගීතා කුමාරසිංහ ,ජයන්ත කැටගොඩ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,බන්දුල ගුණවර්ධන ,ජගත් කුමාර ,සීතා අරඹේපොල ,රෝහිත අබේගුණවර්ධන හා ගාමිණී ලොකුගේ මහත්ම මහත්මීන්ගේ නිවාස සහ දේපළවලට එලෙස අලාභානි වි ඇත.
මේ අතරින් වැඩිම අලාභය පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතාගේ දේපළවලටය . එය කෝටි 46කි. අනතුරුව දෙවැනි වැඩිම අලාභය ලෙස ගණන් බලා ඇත්තේ සීතා අරඹේපොළ මහත්මිය ගේ තලංගම නිවස ඇතුළු දේපළවලට සිදුවූ අලාභය ය. එය දාහතර කෝටි හාරලක්ෂ අසූහය දහසකි.
පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතාගේ නිවසට සහ දේපල වලට සිදුවූ අලාභය මෙතෙක් ගණන් බලා නැතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

