මැණික් මං කොල්ලයකට වනජිවියේ තුනක් ඇතුළු හතරක් මාට්ටු


(නිමල් ජයරත්න)

වටිනා මැණික් ගල්තුනක් අලෙවි ගිය පුද්ගලයකු නවතා රාජකාරි ගිනිඅවියෙන් අහසට වෙඩිතබා, බි‍යගන්වා එම මැණික් ගල්තුන පැහැර ගත්තැයි කියන හේනානිගල වනජීවි කාර්යාලයේ තිදෙනකු ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව  පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය කියයි.

මාදුරුඔය හේනානිගල සිදුවූ මෙම සිද්ධියට යොදාගත් බව කියන  ගිනිඅවියක් සහ අත්මාංචුවක් ද පැහැරගත් මැණික් ගල් දෙකකද  පොලිස් බාරයට ගෙන ඇත. 

ජූලි 7 වෙනිදා රාත්‍රියේදී මෙම සිද්ධිය සිදුව ඇති අතර ඒ පිළිබඳ පොලොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව දුරකථන අංක උපයෝගීකර කරගනිමින් කරන ලද විමර්ශනයට අනුව අදාල වනජීවීනිලධාරීන් තිදෙනා සහ ඒ සඳහා ඔත්තු ලබාදුන් තවත් පුද්ගලයකු මෙහිදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණු බවද කොට්ඨාශ විමර්ශන අංශය සඳහන් කරයි,