මැකෝගේ වෙබ් එකත් හොරට හදලා


(සුජිත් හේවාජුලිගේ)

මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් සකස් කර ඇතැයි  පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව ද පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද පැමිණිල්ලක් කර ඇති බව එම සංසදයේ ප්‍රකාශකයෙක් පැවසීය.