මාළු අල්ලන්න ගිහින් අලි පහරින් මරුට


(ප්‍රසාද් රුක්මල්)

මිතුරන් පස්දෙනකු සමඟ කන්දකැටිය පතහගල උමාඔයේ මාලු ඇල්ලීමට ගිය පුද්ගලයකු වන අලියකු පහරදීමෙන්  මියගිය බවත්, සෙසු පිරිස ගස්වලට නැග දිවි බේරාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.

කන්දකැටිය ට්‍රැක් 2/5 පදිංචිව සිටි නන්දසිරි ගුණසේකර  නැමති අවිවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය.

මොහු තවත් මිතුරන් පස්දෙනකු සමග ආහාර පාන රැගෙන මාලු ඇල්ලීමට කන්දකැටිය පතහගල උමාඔයට පෙරේදා රාත්‍රි ගොස් ඇති බවත් , එසෙ පතහගල රක්ෂිතයේ සිටියදී අද (24) රාත්‍රි මොවුන් පසුපස වන අලියකු පන්නා ඇති බවත් පොලිසිය පැවසීය

වන අලියාගෙන් බේරීමට මොවුන් පිරිස දිවගොස් රක්ෂිතයේ ගස්වලට නැග ඇති බවත් , මොහු වන අලියාගෙන් බේරීමට ගසකට නැගීමට යාමේදී වන අලියා හොඩවැලෙන් මොහු අල්ලාගෙන බිමට දමා පාගා ඇතැයි පොලිසිය සදහන් කළේය.

පසුව වන අලියා කැළෑවට ගොස් ඇති අතර ,ඒ සමඟ ගස්වලට නැග සිටි පිරිස බිමට බැස තුවාල ලබා සිටි මොහු ඔසවාගෙන කන්දකැටිය රෝහලට රැගෙන ගොස් ඇතුලත් කිරිමේදී මියගොස් සිටි බවද පොලිසිය පවසයි.