මාවූස්සා -කාසල්රී ජල මට්ටම පහළට


(ගාමිණී බණ්ඩාර ඉලංගන්කිලක)

මධ්‍යම කඳුකරයට මාසයක පමණ කාලයක් තිස්සේ පවතින දැඩි වියළි කාළගුණයත් සමග මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.

අද (19) පෙ.ව. 06.00 වන විට මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමේ සිට පිලිවෙළින් අඩි 13අඟල් 5 ක් හා අඩි 08 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණය යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන,කැනියොන්, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා බ්‍රෝඩ්ලණ්ඩ් යන විදුලිබලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.