
(චමින්ද වැවතැන්න - විශේෂ පී, ශාන්ත බංඩාර)
මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස නිවසක ගවයින් අට දෙනෙක් ඝාතනය කොට තිබියදී සැකකරුවන් හතර දෙනකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුර කියයි.
විශේෂ කාර්ය බළකායේ කෑගල්ල කදවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක එල්, එම්, එන් විජේසිංහ නිලධාරියාට ලද තොරතුරකට අනුව නිලධාරින් කණ්ඩායමක් මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ තිරිංගදෙණිය ප්‍රදේශයේ අදාල ස්ථානයට ගොස් තිබුණි.
එහිදී නිවසක බලපත්‍ර නොමැතිව ඝාතනය කරන ලද ගවයින් අට දෙනෙකුගේ සිරුරු පොලිසිය විසින් සොයාගෙන තිබුණි.
ඝාතනය කොට සිටි සතුන් අට දෙනා අතර එක් පිරිමි සතෙක් ද සෙසු හත් දෙනා ගැහැනු සතුන් බව ද පොලිසිය කියයි. පැටවෙකු බිහි කිරීමට ආසන්නයේ සිටි එළදෙනක් ද ඝාතනය කොට තිබුණු බවත් පැටවා පිටත ගෙන තිබුණු බවත් පොලිසිය කියයි.
සෙසු එළදෙනුන් හය දෙනා පරීක්ෂා කරන ලද මාවනැල්ල පශු වෛද්‍යවරිය කියා සිටියේ ඔවුන්හට ද කුඩා වයසේ පැටව් සිටිය හැකි බව පැවසුවාය.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කොට සතුන්ගේ සිරුරු විනාශ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද පොලිසිය කියයි.

