මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනයේ ජාතික උත්සවය අද


( +++ නාලක සංජීව දහනායක)

මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද  (19) පෙරවරු 10.00 ට ගම්පොල දෙල්තොටදී ආරම්භ වේ.

රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට සෘජුවම බලපාන මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධන කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතය.

ඒ අනූව පවතින මාර්ග පද්ධතිය කාපට් අතුරා සංවර්ධනය කිරීම, පළාත් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, විකල්ප මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීම, ග්‍රාමීය මාර්ග සංවර්ධය සහ නගරය මග හැර  මාර්ග ඉදිකිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.

මාර්ග සහ මහා මාර්ග අමාත්‍යංශය යටතේ පවතිව මාර්ග සංවර්ධන අධිකාරිය යටතට සෘජුවට අයත්වන කිලෝ මීටර් 1238 ක ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට නියමිත අතර පළාත් සභාවලට අයත් මාර්ග කිලෝමීටර් 16000 ක් ද සංවර්ධනය කෙරෙනු ඇත.

එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, මහනුවර, රත්නපුර ගාල්ල සහ මාතර වැනි රථවාහන තදබදය පවතින නගරවල රථවාහ තදබදයට විසඳුම් දිය හැකි වන අයුරින් විකල්ප මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීම හා මංසන්ධි පුළුල් කිරීමත් මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීම හා නගරයට පිටතින් දිවෙන විකල්ප මාර්ගයන් ඉදිකිරීමට නියමිතය.