මාරවිල මුහුදේ සිසුහු සිව් දෙනෙක් ගසාන යති:තුනක් බේරා ගැනේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල මූදුකටුව මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුන් සිව් දෙනකු අද සවස දිය රළකට ගසා ගෙන ගොස් ඇති අතර එයින් තිදෙනකු බේරා ගෙන ගැනිමට ධීවරයන් ඇතුළු පිරිසක්  සමත්වි ඇති නමුත් එක් සිසුවකු මේ වන විටත් අතුරුදහන් වී ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය කියයි.

නාත්තන්ඩිය ප්‍රදේශයෙ පාසලක සිසුන් සිව් දෙනකු දිය නෑම සදහා  මාරවිල මූදුකටුව වෙරළ තිරයට පැමිණ ඉන් පසු මුහුදේ දීය නාමින් සිටියදී හදිසියෙ පැමිණි දැවැන්ත රළකට හසුව ගසා ගෙන ගොස් ඇති බව කියයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඒ ආසන්නයෙ සිටි ධීවයන් හා ප්‍රදේශවාසින් කඩිනමින් මැදිහත්වි සිසුන් සොයා මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

එහිදි දිය රළට ගසාගෙන යමින් සිටි සිසුන් සිව් දෙනාගෙන් තිදෙනකු බේරා ගෙන වෙරළට රැගෙන විත් ඇති නමුත් එක් සිසුවකු සොයා ගත හැකි වි නැති බව කියයි.

මේ වන විට අතුරුදහන් වු සිසුවා සොයා ධීවරයන් හා ප්‍රදේශවාසින් ධීවර යාත්‍රා යොදවමින් මෙහෙයුමක් ආරම්භ කර තිබේ .