(මනෝප්‍රිය ගුණසේකර)
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ 2023/2024 වර්ෂය සඳහා සභාපතිවරයා ලෙස නීතිඥ වරුණ චන්ද්‍රනාත් වීරසිංහ මහතා වැඩි ඡන්දයෙන් තේරි පත් විය.
නිලධාරීනන් තෝරා ගැනීම සඳහා පැවැත්වු නිලවරණයේදී නව නිලධාරී මණ්ඩලය තේරී පත්විය.
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස නීතීඥ වරුණ චන්ද්‍රනාත් වීරසිංහ මහතාද, උප සභාපතිවරයා ලෙස නීතීඥ රෙරා්හණ මුතුමාල මහතාද ලේකම්වරයා ලෙස නීතීඥ ඉන්ද්‍රසිරි සේනාරත්න මහතාද උප ලේකම් වශ්‍යයෙන් නීතීඥ ගංගානි සේනානායක මහත්මියද භාන්ඩාගාරික ලෙස නීතීඥ ගුනානි සී.මලලසේකර මහතාද සුභ සාදක ලේකම්වරයා වශ්‍යයෙන් නීතීඥ ගයාන් ඉන්දික මහතාද තේරී පත්වුහ.
මාරවිල අධිකරණ නීතීඥ සංගමයේ කාරක සභාව වශයෙන් නිලංග හෙට්ටිආරච්චි, සසිත් සනාතන, වරුණ ජයසිංහ, ටානියා සිරිවර්ධන, ඩිලානි වාසනා, හර්ෂනි කුමාරි, උපෙන්ද්‍ර ගුණසේකර යන මහත්ම මහත්මීහු තේරී පත්වුහ.

