
(රංජිත් කරුණාවීර)
මහියංගන, මාපාකඩවැවේ බැම්මට පහළින් ඇති රක්ෂිතයේ ගස් කපා විශාල වන සංහාරයක් තිස්සේ සිදු කර ඇති බව ගම්වාසීන් චෝදනා කරති.
ගස් රැසක් කපා බිම දමා ඇති අතර ඇතැම් ඒවා යාන්ත්‍රික කියත් ආධාරයෙන් කුට්ටි කර ඇත. තවත් කොටස් පුච්චා ඇති බවට එහි ගිය අපට නිරීක්ෂණය විය.
වැවේ ආරක්ෂාව වෙනුවෙන් තව තවත් ගස් කොළන් ආරක්ෂා කළ යුතු පසුබිමක මෙවන් වු විනාශයක් සිදු කිරිම තරයේ හෙලා දකින බව ගම්වාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් මහියංගණ ප්‍රා දේශිය ලේකම් සංජය ප්‍රසාද් වීරසිංහ මහතා මාපාකඩවැව වාරි ඉන්ජිනේරු කාර්යාලයෙන් සිදු කළ විමසීමකදි වාරිමාර්ග දෙපාර්මේන්තුවේ සේවකයන් යොදා වැවට පහලින් ඇති කොටසේ “කටු පදුරු“ හෙළි පෙහෙළි කිරිම පමණක් සිදු කළ බව කියා සිටියේය.





