මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට තිදෙනකුගේ වැඩ තහනම්


( තිලකරත්න දිසානායක)
 
සුවසැරිය සේවක සංගමයේ සභාපති , උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව එම සංගමය පවසයි. 
 
 සුවසැරිය-" 1990 -  " ගිලන්රථ සේවක , සේවිකාවන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන්  මෙම අත්හිටුවීම කැ ඇතැයි දැනගනනට ඇත.
 
 
එම ගිලන්රථ සේවාවෙහි දිවයින පුරා නිරතව සිටින 1364 ක් පමණ වන සේවක , සේවිකාවන්ට ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම පිනිස රැදී සිටීමට සිදුව ඇති පොලිස්ථාන ඇතුලු ස්ථානයන්හි කිසිදු පහසුකමක් නොමැතිවීම , වැසිකිළි සෞඛ්‍යාරක්ෂිත පහසුකම් පවා නොමැතිවීම ඇතුලු පවතින ප්‍රශ්ණ ගැටළු සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මත සංගමයෙහි නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව එම සංගමයේ සභාපතිනී මයුමී ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය. 
 
 
මෙම තිදෙනාගේ සේවය අත්හිටුවීමට අදාලව, 1990 - සුවසැරිය සේවාවේ මානව සම්පත් කළමණාකාරවරයාගේ අත්සනින් යුත් ලිපිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් ඊයේ (25) රාත්‍රී 8 ට පමණ ලබාදීම සිදු කළ බව සංගමයේ සභාපතිනිය සදහන් කළාය.