(මාතලේ මහේෂ් කිර්තිරත්න )
මාතලේ ප්‍රදේශ කිහිපයකට ලබන සඳුදා (28) උදෑසන 8 සිට සවස 06 දක්වා පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
කිවුල ඔය පහළ ප්‍රදේශය සහ කිවුල හීල්ස් ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ලබන අතර හදිසි අළුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

