මාතලෙන් මැතිවරණ පැමිණිලි 73ක්


(මහේෂ් කීර්තිරත්න)
 
මහ මැතිවරණයට අදාළව මාතලේ දිස්ත්‍රික්කය තුළ අද (01) වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීමේ සිද්ධි 73ක් වාර්තා වී ඇති බව මාතලේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
 
මාතලේ දිස්ත්‍රික්කය තුළ බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවන බවත් නීති විරෝධී රැස්වීම්, භාණ්ඩ බෙදාදීම්, සංග්‍රහ කිරීම් ආදි සිද්ධීන් වාර්තා වන බවත් අපේක්ෂකයන් සඳහා භාවිත කිරීමට හැකි වාහන පිළිබඳව ඒ ඒ දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගෙන් ලබා ගත් බවත් කාර්යාලය වෙත ලබා දි ඇති වාහනවල විස්තරවලට අදාළව ඉන් පරිබාහිරහව භාවිත කරන වාහන පිළිබදව පොලිසිය යොදා පරීක්ෂා කරන බවත් සහකාර මැතිවරණ කොමසාරිස් කුමරනි ප්‍රතාපසිංහ මෙනවිය සඳහන් කළාය.
 
මෙම පැමිණිලි පිළිබඳව විමර්ශනය කරන බවද පැමිණිලි කිහිපයක් පිළිබඳව මැතිවරණ කොමිසම වෙත වාර්තා කර ඇති බවද සහකාර කොමසාරිස්වරිය වැඩිදුරටත් පැවසුවාය.