බන්ධනාගාරයේ ඇතිව තිබෙන කලබලකාරී තත්ත්වය යටතේ රැඳවියන්ගේ කිසිදු ඥාතියකුට ඔවුන් බැලීම සඳහා අද (23) සිට නැවත දැනුම්දෙනතුරු නොපැමිණෙන්නැයි දැනුම් දීමක් කර තිබේ.
ඇතිව තිබෙන තත්ත්වය මත අධිකරණ කටයුතුවලටද බලපෑම් එල්ලවී ඇතැයි බන්ධාගාර ආරංචිමාර්ග කියයි.
රැදවියන්ට බාර වීමට අවස්ථාවක් :10 ක් කැමැත්තෙන්ම එයි
මාතර බන්ධනාගරයතුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිකරමින් හැසිරෙන රැඳවියන්ට සිය කැමැත්තෙන් විත් පාලනාධිකාරියට බාර වීමට හැකි බව මේ වන විට දැනුම් දී තිබේ.
ඒ අනුව මේ වන විට සිරකරුවන් දස දෙනකු කැමැත්තෙන්ම පැමිණ බන්ධනාගාර බසයකට ගොඩ වී සිටින අතර ඔවුන් අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමට සූදානම්බව බන්ධනාගාර අරංචිමාර්ග කියයි.
එමෙන්ම තවත් පිරිසක් බන්ධනාගාර භූමිය තුළ කා බී ගීත ගයමින් විනෝදවෙමින් සිටන අතර ඔවුන් පවසනුයේ ඔවුන්ගේ නිදහසේ සිටිමට අවස්ථාව ලබා දෙන ලෙස බවද කියයි.
එමෙන්ම බන්ධනාගාරයේ ඖෂධ හා ජංගම දුරකථන රැදවියන් භාරයට ගෙන තිබේ.
මාතර බන්ධනාගාරය තවමත් සිරකරුවන් අතේ
මාතර බන්ධනාගාරය තුළ ඇතිවු නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට අද (23) අලුයම 1.00 ට පමණ යළිත් අහසට වෙඩි තබා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදු වු බව බන්ධනාගාර ප්‍රකාශකයෙක් පැවසීය.
කෙසේ වෙතත් රැදවියන් විසින් එල්ල කළ ගල් මුල් ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
ඇතිවු තත්වය මත මාතර බන්ධනාගාරය තුල රදවා සිටි කාන්තා රැදවියන් 25 දෙනෙකු කඩනමින් ඔවුන්ගේ ආරක්ෂාව පතා අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට මාරු කර යැවීමට මාතර බන්ධනාගාර අධිකාරී මංගල වැලිවිටිය මහතා ඇතුළු නිලධාරීන් කටයුතු කලේය.
කෙසේ වෙතත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ රැදවියෙකු වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට තීරණය කිරිම නිසා සිර මැදිරියක් කඩා ගෙන රැදවියන් 500 කට වැඩි පිරිසක් ඉන් පිටතට පැමිණ කළහකාරීව හැසිරීමට පටන් ගෙන තිබුණි.
ඔවුන් බන්ධනාගාරය තුල වු දේපොල වලට ද අලුභ හානී සිදු කරන ලදි. මේ වන වීට මාතර බන්ධනාගාරය අවට පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව ආදී වශයෙන් නිලධාරීන් 200 කට වැඩි පිරීසක් යොදවා පිටත ආරක්ෂාව තර කර තිබේ.
( ඡායාරූප සහ කතාව ක්‍රිෂාන් ජිවක ජයරුක්)
වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න.....
පෙර පුවත් සබැඳි