( චන්ද්‍රෙස්න ගමගේ,සනත් ගමගේ සහ පද්මසිරි ගාර්දියවසම් )
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනීම සඳහා මේ වන විට තංගල්ල කාල්ටන් නිවෙස අසල දහසක් පමණ පිිරිසක් එක් රැස්ව සිටින බව අප වාර්තාකරුවෝ පවසති.
හිටපු ජනපතිවරුනගේ හිමිකම් ඉවත් කිරීමේ පනත පාර්ලිමේන්තුවේ දි සම්මත විමත් සමග මහින්ද රාජපක්ෂ මහතා අද සවස විජේරාම නිවෙසින් ඉවත්ත තංගල්ල කාල්ටන් නිවෙස බලා පිටත් විය.
එම සිද්ධිය ප්‍රචාරය වීමත් සමග පාක්ෂිකයෝ විශාල පිරිසක් මෙසේ කාල්ටන් නිවෙස අසලට රැස්ව මහින්ද රාජපක්ෂ මහතා පිලිගැනිමට මෙසේ පැමිණ ඇතැයි ද අප වාර්තා කරුවෝ සඳහන් කළහ.
අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණි මහින්ද රාජපක්ෂ මහතා තංගල්ල නගරයට පස්වරු 5ට පමණ පැමිණියේය.
කාල්ටන් නිවස වෙත පැමිණෙන මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සහ දැකබලා ගැනීමට සිය පාක්ෂිකයින් සහ අධාර කරුවන් විශාල පිරිසක් තංගල්ල කාල්ටන් නිවස ඉදිරිපිටට පැමිණ සිටියහ.
මහින්ද රාජපක්ෂ මහතා සිය නිල රථයෙන් නිවස ඉදිරිපිට බැස මහා සංඝරත්නය හා ජනතාව පෙරටු කරගෙන කාල්ටන් නිවස තුළට පැමිණියහ . මහින්ද රාජපක්ෂ මහතාට සිය නිවස වන කාල්ටන් නිවස තුළට ළඟා වීමට තරම්වත් නොහැකි වන සේ මහජනතාව රැස්ව සිටියහ. රාජපක්ෂ මහතා සිය නිවස තුළට පැමිණීමෙන් පසු මහා සංඝරත්නය ආශීර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ. තංගල්ල රන් කොත් මලු විහාරයේ විහාරාධිපති හිමි සහ දඟල වජරගිරි විහාරයේ විහාරාධිපති හිමිවරු අනුශාසනා පැවැත්වූහ.