රොමේෂ් ධනුෂ්ක සිල්වා
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක අංශ ප්‍රධානීන් කිහිප දෙනෙකු අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් මේ වන විට විජේරාම පිහිටි නිල නිවසේ දී පැවැත්වේ.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන වසන්ත කරන්නාගොඩ, මොහාන් විජේවික්‍රම, හිටපු යුද හමුදාපතිවරුන් වන දයා රත්නායක, ජගත් ජයසුරිය, හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක, හිටපු පොලිස්පති මහින්ද බාලසුරිය යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටිති.
මීට අමතරව එම සාකච්ඡාව සඳහා වාසුදේව නානයක්කාර, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, ජී.ඇල්. පීරිස්, බන්දුල ගුණවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද එක්ව සිටිති.

