කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වේගයෙන් ඉහළ යාම හේතුවෙන්, මහාරාෂ්ට ප්‍රාන්තයට බලපවත්වා ඇති අගුලු දැමීමේ තත්වය ජූලි 31 දක්වා දීර්ඝ කිරීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇත.
සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කළ යුතු කරුණු ඇතුළත් නව උපදෙස් මාලාවක්ද ඔවුන් විසින් නිකුත් කරන ලදී.
මුම්බායි නාගරික කලාපය අවට පෙදෙස්වල අත්‍යවශ්‍ය නොවන ක්‍රියාකාරකම් වෙනුවෙන් සීමා පැනවීමට ද බලධාරීන් පියවර ගෙන ඇත. එසේ වුවද, කාර්යාල සහ හදිසි සේවා වෙනුවෙන් පිටව යන පිරිස සදහා එම සීමා වලංගු නොවේ. මුම්බායි නාගරික කලාපය වනාහි මහාරාෂ්ට ප්‍රාන්තය ඉන්දියාවේ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව සිටින ප්‍රාන්තය බවට පත්කළ නගරයයි.
කොරෝනා වසංගතය පාලනය කිරීමේ කටයුතු තවමත් අවසන් නොමැති බවද, මෙම උපදෙස් තදින් ම ක්‍රියාත්මක කරන ලෙස ප්‍රාන්තයේ ජනතාවට දැනුම් දී ඇති බවද බලධාරීහු පවසති.
16844

