(මනෝජ් හර්ෂික)
නිවැරදි මූල්‍ය පාලනය සහ කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා වූ රන් සම්මානය මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයට හිමි ව තිබේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පොදු ගිණුම් කාරක සභාව මගින් අමාත්‍යාංශ 48 ක් අතරින් නිවැරදි මූල්‍ය පාලනය හා කාර්යක්ෂම කාර්ය සාධනය සඳහා අමාත්‍යාංශ 3 ක් තෝරා සම්මාන පිරිනැමූ අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සමත් විය.
මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු නිහාල් රූපසිංහ මහතා වෙත අදාළ සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිරිනමන ලදී.


