( සිතුම් චතුරංග)
දින කිහිපයක් අතුරුදන්ව සිටි වැලිඔය මහවැලි අධිකාරියේ සේවය කළ තාක්ෂණික නිලධාරියා වවුනියාව උලුක්කුලම, පලෙයිඔරුව ප‍්‍රදේශයේ කැලෑවක සිහිසුන්ව සිටියදී හමුවූ බව ඊරට්ටපෙරියකුලම පොලිසිය පවසයි.
වවුනියාව ඊරට්ටපෙරියකුලම ප‍්‍රදේශයේ පදිංචි නෙවිල් කුමාර ධර්මදාස නැමති මහවැලි අධිකාරියේ තාක්ෂණ නිලධාරියා අතුරුදන්ව ඇති බවට පසුගිය (22) දා ඔහුගේ මව්පියන් ඊරට්ටපෙරියකුලම පොලිසිය වෙත කළ පැමිණිල්ලකට අනුව සිදු කළ සෝදිසියකදී මෙලෙස ඔහු හමු වී තිබේ.
සිහිසුන්ව සිටි තාක්ෂණික නිලධාරියා වවුනියාව රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්වය බරපතල බැවින් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා වවුනියාව රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇත.
මෙම නිලධාරියා එම කැළෑ ප‍්‍රදේශයේ සිහිසුන්ව වැටී ඇත්තේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය නොවී ඇති බවත් ඔහුට එසේ සිදුවූයේ කවරකු හෝ පහරදීමෙන්ද නැතිනම් වෙනත් කාරණාවක්ද යන්න සොයා විමර්ශන සිදුකරන බවත් පොලීසිය සඳහන් කළේය.