(නිමල් ජයරත්න)
මහවැලි ගඟේ ගස් සැඩ පහරට ගසාගෙන ආ වන අලියකු මනම්පිටියේ පාලම අසලින් ගොඩගෙන ඒ අසල රක්ෂිතයට පලවා හැරීමට එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීහු අද දහවල් කටයුතු කළහ.
වන අලියා මහවැලි ගඟේ සැඩ පහරට විශාල දුරක් ගසාගෙන පැමිණ ඇති අතර මනම්පිටිය පාලම අසල දුම්රිය නිවාස ආසන්නයෙන් ගොඩ විමට ආරක්ෂක අංශවල සහාය ලබා දුන්නේය.