මහමැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 37 ක් ඇප තබති


(රංජන් කස්තුරි)

මහ මැතිවරණයට තරග කරන ස්වාධීන කණ්ඩායම් 37 ක් දිස්ත්‍රික්ක 18 ක් සඳහා අද (11) ඇප මුදල් තැන්පත් කර තිබේ.

ගම්පහට කණ්ඩායම් 3 ක්, ගාල්ල, හම්බන්තොට,මඩකලපු,දිගාමඩුල්ල සහ කෑගල්ලට කණ්ඩායම් දෙක බැගින්, ත්‍රිකුණාමලයට සහ ගම්පහට කණ්ඩායම් තුන බැගින් ද යාපනය සහ වන්නි දිස්ත්‍රික්කවලට කණ්ඩායම් පහ බැගින් ද, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය, බදුල්ල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල එක් කණ්ඩායම බැගින් ද ඇප මුදල් තැන්පත් කර ඇත.