(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව(2020)පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට (9) පැවැත්වීමට නියමිතව තිබුණත් එය ලබන මාසය දක්වා කල් තැබීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (8) තීරණය කළේය.
මේ අනුව එම විවාදය ලබන මාසයේ දිනක පැවැත්වෙනු ඇත.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාචික ප්‍රශ්න යොමු කිරීම සඳහා අවස්ථාවට අද කාලය වෙන් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
මහ බැංකු වාර්තාව පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මැතිසබේදී අද (8) උණුසුම් කතාබහක් ඇතිවුණු අතර අනතුරුව මෙම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව හදිසියේ රැස්වුණේ ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහාය.

