(අංජුල මහික වීරරත්න)
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් / දිසාපති තනතුරට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්/දිසාපති තනතුර 2024-11-25 දින සිට පුරප්පාඩුව පැවතිණි.
එම තනතුර සඳහා දැනට අම්පාර ප්‍රාදේශීය ලේකම් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යූ. පී. ඉන්දික අනුරුද්ධ පියදාස මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි පත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.