(සුජිත් හේවාජුලිගේ)
තම දරුවන් අගහිඟතාව හේතුවෙන් මෙහෙකාර සේවයට දී ඇත්නම් වහාම ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානවලට දැනුම් දෙන්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පැවසීය .
මෙහෙකාර සේවයේ යෙදී සිටින තම දරුවන්ට කිසිවකුගෙන් හෝ අඩන්තේට්ටම් සිදුවන්නේ නම් ඒ පිළිබඳවද නිහඬව නොසිට ළඟම ඇති පොලිසියට දැනුම් දෙන්නැයි වීරසේකර මහතා ඉල්ලීමක් කරයි .
මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන් සොයා විශේෂ මෙහෙයුමක් අරඹා ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

