(ලක්මි කුඩලිගම)
බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පහත් බිම් ආශ්‍රිත ගම්මාන කීපයක් සහ එක් නිවසක් අද (9) සන්ද්‍යා කාලය වන විටත් ජලයෙන් යටව පවතින බවත් ආරක්ෂාව සඳහා නාවික හමුදාව කැඳවු බව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් රංගන ප්‍රසාද් පෙරේරා මහතා පවසයි.
ඒ අනුව බුලත්සිංහල, පරගොඩ ප්‍රධාන මාර්ගය, අගලවත්ත කුඩලිගම මාර්ගයේ දූල්ඇල්ල, ගල්කඩුව,වේයන්ගල්ල ප්‍රදේශය සහ රැටියල ප්‍රදේශය ජලයෙන් යටව පවතින අතර රැටියල ප්‍රදේශයේ නිවසක් ද ජලයෙන් යටවී පවතින බව ප්‍රාදේශීය ලේකම්වරයා පැවසීය.