(හර්ෂණ තුෂාර සිල්වා)
නොසැලකිලිමත් පාලකයන්ගෙන් ජනතාව ආරක්ෂා කරගැනීම සඳහා මහ බැංකුවල ස්වාධීනත්වය තහවුරු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා අද (18) පස්වරුවේ පැවැසීය.
මහ බැංකුව යනු රාජ්‍යයේ කොටසක් බවත් කලින් කලට පත්වන ආණ්ඩු වෙනස් වුවත් මහ බැංකු වෙනස් නොවන බවත් විජේවර්ධන මහතා කීවේය.
“මහ බැංකු ස්වාධීනත්වය” පිළිබඳව දේශනයක් කරමින් හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.
රාජගිරිය බැංකු විදු පියසේදී මෙම දේශනය පැවැත්විණි.ස්වෛරී වනුයේ රාජ්‍යයක ස්වරූපයක ගොඩනැගුණු ජාතිය බවත් මහ බැංකුව සහ ආණ්ඩුව රාජ්‍යයේ කොටස් දෙකක් බවත් විජේවර්ධන මහතා පැහැදිලි කළේය.
මහ බැංකුව සහ ආණ්ඩුව යනු වෙන් වෙන් කාර්ය සඳහා ස්ථාපිත කෙරෙන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
ආණ්ඩු සුදුසු ආර්ථික ප්‍රතිපත්ති මගින් ජනතාවට සෞභාග්‍යය උදා කරන බවත් මහ බැංකුවේ කාර්යභාරය හා රාජකාරිය වනුයේ ආර්ථිකයට සෞභාග්‍යය අත්පත් කරගැනීම සඳහා අවශ්‍ය මුදල් නිෂ්පාදනය කිරීම සහ ඒවා ආරක්ෂා කිරීම යැයි ද විජේවර්ධන මහතා කීය.මහ බැංකු නිර්මාණය කරන්නේ සහ ආණ්ඩු පත් කරන්නේ ජනතාවට සේවය කිරීමට බැවින් ඒ දෙක සහයෝගීතාවයෙන් ක්‍රියා කළ යුතු බව ද විජේවර්ධන මහතා විජේවර්ධන මහතා මෙහිදි පෙන්වා දුන්නේය.
මහ බැංකු ස්වාධීන වන අතරම වගවීම අනුගමනය කළ යුතු බව හෙතෙම කීවේය.
තමන්ගේ සාක්කුවේ තිබෙන මුදලේ වටිනාකම ආරක්ෂා කරගැනීමට ජනතාව මහ බැංකුවේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කළ යුතු බව ද ඔහු පෙන්වා දුන්නේය. මහ බැංකු සම්බන්ධයෙන් වැඩි වශයෙන් උනන්දු විය යුත්තේ ඒ ඒ රටවල ජනතාව බව ද ඔහු පෙන්වා දුන්නේය.
මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඉන් අනතුරුව වගකීම පැවරෙන්නේ මාධ්‍ය සහ සිවිල් සමාවලට බවද විජේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

