මහ පාරේ බස් යුද්දේ


(කේ බුද්ධික කුමාරසිරි)

හයිලෙවල් මාර්ගයේ කොළඹ කොටුව සිට හෝමගම දෙසට ධාවනය වූ  හෝමගම - පිටකොටුව බස් රථයක රියදුරු සහ කොන්දොස්තරවරයා විසින් ඉංගිරිය - පිටකොටුව බස් රථයක රියදුරුට සහ බස් රථයට පහර දීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමගම මූලස්ථාන පොලිසිය පවසයි

පැමිණිල්ලට අනුව පහර කෑමට ලක් වූ ඉංගිරිය - පිටකොටුව බස් රථය විසින් මග දිගට මගීන් නංවා ගැනීම නිසාවෙන් උරණ වූ හෝමගම - පිටකොටුව බස් රථයේ රියදුරු කොන්දොස්තර විසින් මෙලෙස පහර දී ඇති බවයි

ඒ අනුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගියද ඔවුන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි ද පොලිසය පවසයි.