
(සුමිත් ප්‍රේමතිලක)
පානදුර - හොරණ මාර්ගයේ ගමන් ගනිමින් තිබූ වෑන් රථයක් වෑකඩ ප්‍රදේශයේදී අද (31) දහවල් ගිනිගෙන දැවී ගිය බව පානදුර දකුණ පොලිසිය කියයි .
හොරණ දෙස සිට පානදුර දෙසට මෙම වෑන් රථය ගමන් කර ඇති අතර , වෑන් රථයේ පිටුපසින් ගින්නක් ඇති වන අයුරු මාර්ගයේ ගමන් කළ යතුරුපැදිකරුවකු දැක රියදුරුට පැවසීමෙන් අනතුරුව වාහනය අයින් කර නවතා තිබේ .
ගින්න වැඩි වීමතෙ සමගින් රියැදුරු සහ එහි ගමන් ගත් තවත් පුද්ගලකු වෑන් රථයෙන් පැන දිවි බේරාගෙන ඇති අතර , මොරටුව නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ගින්න මැඩ මැඩ පවත්වා තිබේ .


