(අංජුල මහික වීරරත්න)
2023/24 වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා සහනදායී පොලී අනුපාතයක් යටතේ රාජ්‍ය හා පෞද්ගලික බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි රජය පවසයි.
ඒ අනුව පසුගිය වර්ෂ පහක මහ කන්න වලදී එක් එක් දිස්ත්‍රික්කයේ සාමාන්‍ය නිෂ්පාදනය පාදක කරගනිමින් ණය අරමුදල් වෙන්කර ඇතැයි රජය කියයි.
ඒ අනුව යෝජිත වී මිලදී ගැනීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්තිය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

