(දයාරත්න ඇඹෝගම)
පොරවකින් හිසට පහරදි සිය බිරිදගේ 63 හැවිරිදි වැඩිමහල් සොයුරා ඝාතනය කල පුද්ගලයා පොරවද රැගෙන පොලිසියට පැමිණ බාරවු බව හිදෝගම පොලිසිය කියයි.
මෙසේ පොලිසියට බාරවි ඇත්තේ හිදෝගම පදිංචිව සිටින 49 හැවිරිදි විවාහකයෙකි. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ හිදෝගම පදිංචිව සිටි පියදාසගේ ජයසේන නැමති 63 හැවිරිදි විවාහකයෙකි.
මියගිය පුද්ගලයාත් සැකකරැත් එකම නිවසේ පදිංචි කරැවන් දෙදෙනෙකු බව පොලිසිය කියයි.සැකකරැ මියගිය අයගේ සොයුරිය සමග විවාහවි ඇති අතර ඇය මැද පෙරදිග රැකියාවක නිරත වන බවද පොලිසිය පැවසිය.
මියගිය අය සැකකරැට එම නිවසින් පිටවි යන ලෙසට පැවසිම නිසා ඉන් උරණවි සැකකරැ විසින් පෙරේදා(02)දින රාත්‍රියේදි නිවස තුලදිම මියගිය අයගේ හිසට පොරෙවෙන් පහරදි ඇති බව පොලිසිය විසින් සිදුකළ මුලික පරික්ෂණයේදි අනාවරණයවි තිබුණි.
පොරෝ පහරින් බරපතල තුවාල ලැබු එම පුද්ගලයා නෙළුබෑව රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදි ඔහු මියගිය බවද පොලිසිය පැවසිය.

