මව් පදවිය වසරකින් කල් දාමන්න


(සුජිත් හේවාජුලිගේ)

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද ඇතිවන හෙයින් ගර්භණී භාවයට පත්වීම හැකි නම් වසරකින් පමා කරන්නැයි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා මවුවරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

ඔහු මෙම ඉල්ලීමක් කළේ සෞඛ්‍යය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ(8)පැවැති ප්‍රවෘත්ති පැවති සාකච්ඡාවකදීය.

කොවිඩ් වයිරසය වෛද්‍ය විද්‍යාව තුළ තවමත් අධ්‍යයනය කරමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ගර්භණී සමයේදී කොවිඩ් සෑදුනහොත් මව අධි අවදානම් තත්වයට පත්වන බවත් එවැනි අවස්ථාවල දී මවට වගේම දරුවාටද හානි සිදුවිය හැකි බවත් අතපත්තු මහතා සඳහන් කළේය.

විවාහ වී දරුවන් බලාපොරොත්තුවෙන් සිටින අය ඒ පිළිබඳව නැවතත් සලකා බලන්නැයි ඉල්ලා සිටින බවත් හැකිනම් වසරකින් පමණ ගර්භණීවීම පමා කිරීම වැදගත් බවත් හර්ෂ අතපත්තු මහතා කීවේය

ඩෙල්ටාවලින් මවට ගැටලුවක් වන බවද ඔහු වැඩිදුරටත් පැවසුවේය.