මවට කරදරයි කියා මවගේ මව මරලා


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

57 හැවිරිදි මිත්තණියගේ ගෙළ පිහියකින් කපා ඝාතනය කර ඇයගේ සිරුර කැලයට දැමු බව කියන 24 හැවිරිදි මුනුබුරකු අත්අඩංගුවට ගත් බව බදුරලිය පොලිසිය කියයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බදුරලිය හැඩිගල්ල ජනපදය බොල්ලුන්න ලිපිනයේ පදිංචි ලීලාවතී වික්‍රමසිංහ නැමැති කාන්තාවකි.

ඝාතනයට ලක්වූ කාන්තාව රෝගීව සිටින තැනැත්තියක් අතර රෝහල් ගතව සිට නිවසට පැමිණ තිබූ බවත් ඇයගේ ප්‍රතිකාර කටයුතු සඳහා මවට මුදල් වියදම් වන බවට සැකකරු උරණව මෙම අපරාධය සිදුකර ඇති බව පොලීස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.