මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා


(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට  පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ පොලීසිය පවසයි.

කුඩා දරුවා ජලයේ ගසා ගෙන ගොස් අතුරුදහන් වී ඇති බවත්, මව බේරා ගැනීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා ලිඳුල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බවද පොලීසිය කියයි.

මෙම මව දරුවකු ද සමග ඉහල කොත්මලා ජලාශයට පනින අයුරු තරුණයකු දැක ඇති බවත්, ඔහු ක්ෂණිකව ජලාශයට පැන ජලයේ ගසා ගෙන යමින් සිටි මව බේරා ගෙන ඇති බවත්, දරුවා බේරා ගැනීමට එම තරුණයාට නොහැකි වී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.